Search This Blog

Saturday, June 27, 2020

සොසේජ් ඩෙවල්


අවශ්‍ය ද්‍රව්‍ය

  • අයිස් යන්න තියාගත් සොසේජස් 12 පැකට් එකක්
  • ලොකුවට කපාගත් ලීක්ස් ගහක සුදු රවුම් කොටස
  • ලොකුවට කපාගත් තක්කාලි ගෙඩියක්, ළූණු ගෙඩියක්, මාළු මිරිස් කරල් 2
  • තක්කලි සෝස් මේස හැඳි 4
  • සෝයා සෝස් මේස හැන්දයි
  • චිලි පේස්ට් මේස හැඳි 1
  • තලාගත්ත සුදු ළූණු බික් 4ක්

සොසේජස් එකක් කෑලි 4කට වෙන්න සොසේජ් සේරම කපාගන්න. තෙල් මේස හැන්දක් නන්ස්ටික් තැටියක රත් වෙන්න තියල ඒකට සොසේජස් දාල බැදගෙන පැත්තකින් තියාගන්න.
ඒ නන්ස්ටික් පෑන් එකටම තව තෙල් තේ හැන්දක් දාගෙන සුදුළූණු ටික එකතු කරන් ළූණු, මාළු මිරිස් එක්ක චිලිපේස්ට් සහ සෝස් වර්ග දෙක මිශ්‍ර කරගන්න.
හොඳින් කලවම් උනාට පස්සෙ සොසේජස්, තක්කලි සහ ලීක්ස් එකතු කරන් කලවම් කරගෙන, විනාඩියක් ලිපේ තියල ඉවත් කරගන්න.

No comments:

Post a Comment