අවශ්‍ය ද්‍රව්‍ය
- ලයිට් බියර් කප් 1
- පාන් පිටි කප් 1
- බිත්තරයක්
- ලුණු, ගම්මිරිස් රස අනුව
- බදින්න තෙල්
- රවුම් කපාගත්ත ළූණු ගෙඩි 3ක්
බිත්තර, පිටි, ලුණු, ගම්මිරිස් එකට කලවම් කරගෙන, බියර් ටික ටික එකතු කරගෙන ඝණකම බැටර් එකක් හදාගන්න.
ගැඹුරු තෙලේ බදින්න අවශ්‍ය ප්‍රමාණයට අඟල් දෙකක් විතර උසට තෙල් තාච්චියට දාගන්න. ඒක රත් වෙන්න තියල, කපාගත්ත ළූණු රවුම් බැටර් එකේ දවටල, තෙල් එකට දාල රන් වන් පාටට බැදෙන කොට තෙලෙන් ඉවත් කරගන්න. ටිශූ එකක් දාගත්ත භාජනයක් කලින්ම ළඟින් තියන් ඉන්න.
No comments:
Post a Comment