Search This Blog

Saturday, June 27, 2020

පෙපර් චිකන් / පෝර්ක්


අවශ්‍ය ද්‍රව්‍ය

  • පොඩි කොටු කපාගත්ත කටු රහිත චිකන් හෝ පෝර්ක් 500g
  • කෝන්ෆ්ලා මේස හැඳි 2
  • තලාගත්ත ඉඟුරු, සුදුළූණු තේ හැඳි 2
  • ගම්මිරිස් මේස හැන්දයි
  • ඔයිස්ටර් සෝස් මේස හැන්දයි
  • සෝයා සෝස් මේස හැන්දයි
  • ලුණු රස අනුව
  • සීනි තේ හැන්දක්
  • චිලි පේස්ට් මේස හැන්දක්
  • රවුම් කපාගත්ත ළූණු ගෙඩි 1
  • දිගට කපාගත්ත ළූණු කොළ ටිකක්


චිකන් වලට යන්තම් ලුණු ටිකක් එක්ක කෝන්ෆ්ලා ටික දාල කලවම් කරන් ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගෙන, තෙල් බේරෙන්න තියාගන්න.
වෙනම භාජනේක තෙල් මේස හැන්දක් රත් වෙන්න තියල ඒකට ඉඟුරු, සුදුළූණු එකතු කරන් යන්තම් බැදෙනකොටම ඒකට සෝස් වර්ග දෙක, සීනි සහ චිලිපේස්ට් එකතු කරගෙන කලවම් කරගන්න. විනාඩි භාගයක් විතර බැදෙන්න ඇරල ඒකට වතුර මේස හැන්දක් විතර කලවම් කරන් ගම්මිරිස් ටික එකතු කරගන්න.
බැදගත්ත චිකන් ටික දාල හොඳට දැවටෙනකම් කලවම් කරන් ළූණු ටිකත් එකතු කරල විනාඩියක් විතර ලිපේ තියාගන්න. අන්තිමට ළූණු කොල ටික කලවම් කරන් ලිපෙන් ඉවත් කරගන්න.

No comments:

Post a Comment