Search This Blog

Sunday, June 28, 2020

බත්

ලෝකේ මූලික ආහාර ලැයිස්තුවේ ඉරිඟු වලට පමණක් දෙවැනි වෙන සහල් ඇන්ටාක්ටිකාවේ, ග්‍රීන්ලන්තයේ ඇරුනාම හැම මහද්වීපයකම වගේ වවනවා. ඔස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවලුත් සහල් වගා කරනවා. බත් සහ ව්‍යංජන බෙදාගෙන, අනාගෙන කන්න තමයි ලංකාව ඉන්දියාව වගේ රටවල හුරු වෙලා ඉන්නේ. එත් ඉන්දුනීසියාවේ නාසි ගුරාන් කියා හඳුන්වන ෆ්‍රයිඩ් රයිස් වලට වඩාත් සමීප කෑම වැඩිපුර ජනප්‍රියයි. චීන රටේ හෙම අපි තරම් ලොකු ප්‍රමාණයක් චීනා බත් බුදින්නේ නැහැ. ඒත් ඔවුන් කෑම වේලකට බත් කෝප්පයක් වගේ අර ස්ටික් වලින් ඉක්මනින් කාලා දානවා.

No comments:

Post a Comment