Search This Blog

Sunday, June 28, 2020

බිත්තර

කෙලින්ම බිත්තර සහිත කෑම වලට වඩා බිත්තර යෙදූ කෑම වර්ග අපි අතර තියෙනවා. බිත්තර කියන්නේ ලාබෙටම ලබාගන්න පුළුවන් ප්‍රෝටීන ප්‍රභවයක්. බිත්තර වලින් ලැබෙන පෝෂණය ලබාගන්න මාළු හෝ මස් යොදාගන්නවා නම් ඊට වඩා වැඩි මුදලක් වියදම් වෙනවා. ලංකාවේත් බිත්තර කියන්නේ කැත නැතුව කන්න පුළුවන් කෑමක්. බත් කන්න ගියත් ගොඩක් කඩවල මස් කෑම, මාළු කෑම ළඟට බිත්තර කෑම තියෙනවා. කොත්තු, රයිස් වුනත් වැඩිපුරම විකිණෙන වර්ගය තමයි බිත්තර කොත්තු හෝ බිත්තර රයිස් කියන්නේ.

No comments:

Post a Comment