Search This Blog

Sunday, June 21, 2020

බ්‍රෙඩ් බනානා රෝල්


අවශ්‍ය ද්‍රව්‍ය

  • පෙති කපාගත් ඉදුණු කෙසෙල් ගෙඩි 3
  • ගී ඔයිල් මේස හැඳි 1
  • සීනි මේස හැඳි 2
  • පෙති පාන් 4-5
  • බිත්තර 1
  • කිරි මේස හැඳි 1
  • කුරුඳු කුඩු ස්වල්පයක්
  • සීනි තේ හැඳි 2

ගී රත්වෙන්න තබා කෙසෙල් ටික ෆ්‍රයි කරන ගමන් සීනි මේස හැඳි 1ක් දාගෙන හොඳට කලවම් කරගන්න.
පාන් වල වාටි කපා රෝලින් පින් එකකින් තුනී කරගන්න.
බිත්තර කඩලා ඒකට ඉතිරි සීනි හා කිරි ටික දාලා විස්ක් කරගන්න.
පාන් පෙති මැදට කෙසෙල් මිශ්‍රණය දාලා වටේ දෙපැත්ත බිත්තර මිශ්‍රණය ගාගන්න.
දෙපැත්තෙන් ඇතුලට පාන් පෙත්ත වහගෙන තද කරගන්න. ගැලවෙයි වගේ නම් ටූත්පික් එකක් ගහගන්න.
දැන් මේ විදියට හදාගත් බ්‍රෙඩ් රෝල්ස් ටික බිත්තර මිශ්‍රණයේ යන්තම් පොඟවලා ගී ඔයිල් වලින් පෑන් ෆ්‍රයි කරගන්න.
නිවෙන්න තියලා කුරුඳු කුඩු හා සීනි කලවම් කරලා මේ රෝල්ස් උඩින් ඉසගන්න හෝ තවරගන්න.


No comments:

Post a Comment