Search This Blog

Saturday, June 27, 2020

දූරියන් අයිස්ක්‍රීම්


අවශ්‍ය ද්‍රව්‍ය
  • දූරියන් මදුළු 8-10
  • මිල්ක්මේඩ් ටින් එකක්
  • විප් ක්‍රීම් කෝප්ප 1/2

දූරියන් වල ඇට අයින් කරගෙන මදුළු ටික බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සෙ ෆ්‍රීසර් එකේ තියාගන්න.

බෝල් එකකුයි විස්ක් දෙකයි ෆ්‍රිජ් එකේ විනාඩි 30ක් විතර තියලා අරන් ඒ බෝල් එකට විප්ක්‍රීම් දාලා හොඳට ඝනකම් වෙනකල් බීට් කරන්න.

ඒකට මිල්ක්මේඩ් එකත් දාලා ආයෙ බීට් කරගන්න. දැන් මේ මිශ්‍රණය ෆ්‍රීසර් එකේ පැය බාගයක් විතර තියල ගන්න.

දැන් ෆ්‍රීසර් කරපු දූරියන් පල්ප් එකත් එළියට අරන් විප් ක්‍රීම් මිශ්‍රණයට  දූරියන් මිශ්‍රණය දාලා පත්තකින් හොඳට කලවම් කරගන්න.

දැන් ආයෙත් ෆ්‍රීසර් දාලා පැය 12කින් වගේ කෑමට ගන්න.

No comments:

Post a Comment