අවශ්‍ය ද්‍රව්‍ය
- විප් ක්‍රීම් කෝප්ප 1 1/2
- මිල්ක්මේඩ් පොඩි ටින්
- කෑලි කපාගත් කිවි ගෙඩි 3
- කොළපාට කලරින් අවශ්‍ය නම්
කලින් රෙසිපි වල කිව්වා වගේ විප් ක්‍රීම් බීට් කරන්න කලින් බෝල් එකයි විස්ක් දෙකයි ෆ්‍රිජ් එකේ තියලා ගන්න.
දැන් විප්ක්‍රීම් ටික කූල් කරගත්ත බෝල් එකට දාල හොඳට ඝනකම් වෙනකල් බීට් කරන්න. ඒකට මිල්ක්මේඩ් ටික එකතු කරන්න.
ආයෙත් හොඳට බීට් කරගන්න. දැන් කිවි වලින් භාගයක් බ්ලෙන්ඩ් කරගෙන ඒ පල්ප් එක විප්ක්‍රීම් මිශ්‍රණයට එකතු කරන්න. හොඳට බීට් කරන්න.
මේකට කලරින් බින්දු කිහිපයක් එකතු කරන්න.
බීට් කරලා ඉවර වෙලා ඉතුරු කරගත් කිවි කෑලි ටික දාලා පත්තකින් කලවම් කරලා පැය12ක් ෆ්‍රීසර් දාගෙන කෑමට ගන්න.
No comments:
Post a Comment