- සියඹලා යුෂ මිලිලීටර් 100
- බිත්තර 2
- ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1/4
- සීනි ග්‍රෑම් 100
- ජෙලටින් ග්‍රෑම් 5
ජෙලටින් වලට වතුර තේ හැඳි 1ක් දමා පොඟවාගන්න. ටිකකින් ඩබල්බොයිල් කරගන්න.
සීනි වලට වතුර මේස හැඳි 2ක් දමා රත්කරගන්න. සීනි උණුවෙලා බුබුළු නගිනකන් හැඳිගාන්න.
බිත්තර ටික බීට් කරගන්න. මේකට උණුකරගත් සීනි ටික ටික දමා ගසාගන්න.
ෆ්‍රෙශ් ක්‍රීම් ෆ්‍රිජ් එකෙන් එලියට ගත් විගස බීට් කරගන්න. ස්ටිෆ් වෙනකල් බීට් වෙන්න ඕනේ.
දැන් සියඹලා යුෂ බිත්තර මිශ්‍රණයට දාලා කලවම් කරලා ෆ්‍රෙශ් ක්‍රීම් ටික එකතු කරන්න.අන්තිමට ජෙලටින් ටික දාගන්න.
ට්‍රේ එකකට බටර් ටිකක් ගා මිශ්‍රණය දමා ෆ්‍රිජ් එකේ පැයක් වගේ තියලා කෑමට ගන්න.

No comments:
Post a Comment