Search This Blog

Saturday, June 27, 2020

බනානා අයිස්ක්‍රීම්


අවශ්‍ය ද්‍රව්‍ය

  • මිල්ක්මේඩ් පොඩි ටින් 1
  • සීනි කෝප්ප 1/4
  • ජෙලටින් තේ හැඳි 1
  • බනානා එසන්ස් ටිකක්
  • හොඳින් බ්ලෙන්ඩ් කරගත් කෙසෙල්ගෙඩි 8-10

මුලින්ම  මිල්ක්මේඩ් එක කඩලා භාජනයකට දාලා ඒ ටින් ඒකේ ප්‍රමාණයටම වතුර දාලා කලවම් කරගන්න.

ජෙලටින් වලට වතුර මේස හැඳි 3ක් එකතු කරලා කලවම් කරලා විනාඩි 10ක් විතර තියල ඒකත් මිල්ක්මේඩ් මිශ්‍රණයට දාගන්න.

දැන් මේක බීට් කරන ගමන් කෙසෙල් පල්ප් ටික, සීනි ටික හා බනානා එසන්ස් එකතු කරලා හොඳට බීට් කරගන්න.

මේ මිශ්‍රණය ෆ්‍රීසර් එකේ පැයක් තියලා එළියට අරන් ආයේ බීට් කරන්න.

ආයෙ ෆ්‍රීසර් එකේ පැයක් තියලා එළියට අරන් බීට් කරන්න. මේ විදියට 3-4 වතාවක් බීට් කරගෙන කෑමට ගන්න පුළුවන්.

No comments:

Post a Comment