අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳට ඉදුණු අලිගැටපේර ගෙඩි 1
- මිල්ක්මේඩ් ටින් 1
- ලෙමන් ජූස් මේස හැඳි 2
- ලුණු ටිකක්
- හෙවි ක්‍රීම් හෝ විප් ක්‍රීම් කෝප්ප 2
අලිගැටපේර මදය සූරල බ්ලෙන්ඩර් එකට දාලා ඒකට ලෙමන් ජූස්, ලුණු හා මිල්ක්මේඩ් ටික දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
විනාඩි 30ක් විතර ෆ්‍රිජ් එකේ දාගත්තු බෝල් එකක් හා විස්ක් දෙක අරගෙන විප්ක්‍රීම් ටික හොඳට බීට් කරගන්න. ඝනකම් වෙනකල් බීට් උනාම ඒකට බ්ලෙන්ඩ් කරගත් අලිගැටපේර ටික එකතු කරගන්න.
දැන් තවත් හොඳට බීට් කරගන්න. ෆ්‍රීසර් එකේ පැය 12ක් වගේ තියලා කෑමට ගන්න පුළුවන්.
No comments:
Post a Comment