අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳට ඉදුණු අඹ ගෙඩි 3ක්
- විප්ක්‍රීම් 500ml
- මිල්ක්මේඩ් පොඩි ටින් 1
- කහපාට කලරින් ටිකක් (අවශ්‍ය නම්)
- වැනිලා ටිකක්
විප්ක්‍රීම් ටික ෆ්‍රිජ් එකෙන් ගත්ත ගමන් කූල් පිටින්ම ඝණ වෙනකල් බීට් කරගන්න. මේකට මිල්ක්මේඩ් එක එකතු කරගන්න.
අඹ ටික කෑලි කරලා බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේ මැන්ගෝ පල්ප් එක විප්ක්‍රීම් මිශ්‍රණයට දාලා ඒකට වැනිලා ටිකක් එකතු කරගන්න.
මේකට කහපාට කලරින් ටිකකුත් එකතු කරලා හොඳට බීට් කරගන්න.
කැමති නම් අඹ කෑලි ටිකක් වෙනම මේකට එකතු කරලා කලවම් කරගන්න. දැන් මේක බෝල් එකකට දාලා ෆ්‍රීසර් දාන්න. පැයකින් වගේ එළියට අරන් ආපහු ටිකක් බීට් කරලා ෆ්‍රීසර් එකට දාන්න. ඒ වගේ දෙතුන් පාරක් බීට් කරලා කෑමට ගන්න.
No comments:
Post a Comment