Search This Blog

Saturday, June 27, 2020

ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්


අවශ්‍ය ද්‍රව්‍ය

  • ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 200
  • විප් ක්‍රීම් හෝ හෙවි ක්‍රීම් කෝප්ප 2
  • මිල්ක්මේඩ් කෝප්ප 1
  • ස්ට්‍රෝබෙරි එසන්ස් තේ හැඳි 1
  • රෙඩ් කලරින් බින්දු දෙක තුනක් (අවශ්‍ය නම්)

ස්ට්‍රෝබෙරි ටික බ්ලෙන්ඩ් කරගන්න. බෝල් එකක් හා බීටර් විස්ක් දෙක ෆ්‍රිජ් එකේ විනාඩි 30ක් තියලා එළියට ගන්න. දැන් විප් ක්‍රීම් ටික බෝල් එකට දාල බීට් කරගන්න. හැන්දෙන් ගත්තම උඩට හිටින ලෙවල් එකට බීට් කළා නම් ඇති.

දැන් මේකට මිල්ක්මේඩ් ටික එකතු කරගන්න. ආයෙම හොඳට බීට් කරගන්න.

දැන් මේ මිශ්‍රණයට බ්ලෙන්ඩ් කරගත් ස්ට්‍රෝබෙරි ටික එකතු කරන්න. හැන්දකින් හොඳට කලවම් කරගන්න. ස්ට්‍රෝබෙරි එසන්ස් එකතු කරගන්න. කලරින් ඩ්‍රොප්ස් ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්න.

භාජනයකට දාලා හොඳින් තද වෙන්න වහල පැය 6ක් විතර ෆ්‍රීස් කරගන්න.

No comments:

Post a Comment