Search This Blog

Sunday, June 28, 2020

කිරි ආහාර

කිරි බීම කිව්වාහම මෑතක් වෙනකල් අපේ රටේ පිටිකිරි බොහොම වේගෙන් ජනප්‍රිය වෙලා තිබුණා. ඇතැම් කෙනෙක්ට උදේට පිටිකිරි ඇතුළත් තේ කෝප්පය නැතුව ඇඳෙන් නැගිටින්නත් බැරි වුණා. අපේ රටේ වගේම ඉන්දියාවෙත් කිරි කියන්නේ ජනප්‍රිය ආහාරයක්. ඒ වුණාට ඉන්දියාවේ මිනිස්සු බොහෝවිට තමුන්ගේ ළඟම ගොවිපලෙන් කිරි දියර කිරි වශයෙන් මිලදී ගන්නවා. බටර්, කල් කිරි, යෝගට් ආදී විවිධ ආහාර රැසකට පණ දෙන ගවයින්ගෙන් ලබාගන්නා කිරි ලෝකේ අස්සක් මුල්ලක් නෑරම ජනප්‍රිය වෙලා තියෙනවා. නවසීලන්තයේ එළදෙනකගෙන් සාමාන්‍යයෙන් කිරි ලීටර 20ක් විතර දවසකට අදිනවා. ඒ වගේ එළදෙනුන් නම් අපිට එක ලේන් එකකට තුන් හතර දෙනෙක් හිටියත් ඔක්කොමල්ලට දියර කිරි බොන්නට පුළුවන් වේවි.


No comments:

Post a Comment