Search This Blog

Saturday, June 27, 2020

මක්ලුබා රයිස්


අවශ්‍ය ද්‍රව්‍ය

  • බාස්මතී හාල් කෝප්ප 2
  • චිකන් ග්‍රෑම් 500
  • ලුණු
  • ගම්මිරිස්කුඩු තේ හැඳි 1
  • කහකුඩු
  • පෙති කපාගත් වම්බටු කරල් 2
  • පෙති කපාගත් තක්කාලි ගෙඩි 2
  • පෙති කපාගත් අල ගෙඩියක්
  • පෙති කපාගත් ළූණු ගෙඩි 2
  • කරපිංචා ටිකක්
  • කරදමුංගු ඇට 2
  • කරාබු නැටි 4
බාස්මතී හාල් ටික සෝදලා වතුර බේරල පැය 1/2ක් පෙඟෙන්න තියන්න.
චිකන් ටික සෝදලා සාමාන්‍ය කෑලි කපලා ලුණු, ගම්මිරිස්කුඩු, කහකුඩු තේ හැඳි 1/2ක් දාලා තම්බගන්න. චිකන් ටික වෙනම අරන් ස්ටොක් එක පෙරාගන්න.
දැන් මේ චිකන් ටික ගැඹුරු තෙලේ බැදගන්න.
අල, වම්බටු, තක්කලි හා ළූණුත් වෙන වෙනම ගැඹුරු තෙලේ බැදගන්න.
දැන් රයිස් කුකර් එකේ අඩියට මේ බැදගත් මස්, අල, වම්බටු, ළූණු හා තක්කාලි දාගන්න. දැන් හාල් ටික දාලා කරපිංචා, කරදමුංගු හා කරාබු නැටි දාලා, කහකුඩු තේ හැඳි 1/2ක් හා ලුණු රස අනුව දාගන්න. ඊට උඩින් පොඟවා ​ගත් හාල් එකතු කරන්න.
චිකන් ස්ටොක් ටික දාගෙන, වතුර මදි නම් ඇති ප්‍රමාණයට වතුර දාගෙන බත උයාගන්න. බත ඉදුනම ටිකක් නිවෙන්න ඇරල පිළිගන්වන්න පුළුවන් ප්ලේට් එ​කකට බත හරවගන්න.

No comments:

Post a Comment