පරාටා සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කෝප්ප 2
- තෙල්
- ලුණු
ෆිලින් එකට
- තම්බාගත් අල ගෙඩි 2
- කටු රහිත චිකන් ටිකක්
- ගරම් මසාලා තේ හැඳි 1
- කහකුඩු තේ හැඳි 1/2
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්
- චොප්කරගත් සුදුළූණු බික් 2
- හීනියට ලියාගත් ළූණු ගෙඩි 2
- අබ ඇට ටිකක්
- තෙල් ටිකක්
පරාටා හදාගන්න පාන්පිටි වලට ලුණු සහ තෙල් මේස හැඳි දෙකක් දාලා කලවම් කරලා වතුර ටික ටික කලවම් කරලා සොෆ්ට් ඩෝ එකක් අනාගන්න.
තෙල් ටිකක් අතේ ගාගෙන බෝල හදාගන්න. මේ බෝල උඩින් තෙල් මේස හැඳි දෙක තුනක් දාගෙන පැය තුනක් විතර වහල තියන්න.
ෆිලින්ග් එක හදන්න මුලින්ම චිකන් ටික ලුණු දාල තම්බගෙන ගැඹුරු තෙලේ බැදගෙන මස් තීරු ගලවාගන්න.
තෙල් ස්වල්පයක් ලිපේ තියලා රත්වෙනකොට අබ ඇට, චොප්කරගත් ළූණු, සුදුළූණු දාලා තෙම්පරාදු කරගන්න. මේකට කොත්තමල්ලි කොළ, අමුමිරිස් දාගන්න. ගරම් මසාලා හා කහකුඩු එකතු කරලා ලුණු රස අනුව දාගන්න. චිකන් ටික එකතු කරගන්න. අන්තිමට පොඩි කරගත් අල ටික එකතුකරලා කලවම් කරන්න.
දැන් හදාගත්ත පිටි බෝලයක් අරගෙන අතේ තෙල් ගාගෙන, ඒක බාගෙට තුනීකරගන්න. හදාගත් ෆිලින් එකෙන් තරමක බෝල හදාගන්න.
මේ හදාගත් ෆිලින්ග් බෝලයක් තුනී කරගත් පිටි මිශ්‍රණය මත තියලා පිටි මිශ්‍රණයෙන් ෆිලින්ග් එක හොඳට කවර් කරගන්න.
හොඳට කට වැහෙන්න වහලා ඒ කට පැත්ත යටට තියලා හිමින් රොටිය තුනී කරන්න මේ වෙලාවෙ ඇතුලෙ හුලං පිරීම නිසා රොටිය පැලෙන්න බලනවා ඒ නිසා ගෑරැප්පුවකින් හිල් 3-4ක් රොටිය වටේ නොපෙනෙන්න ඇනගෙන හොඳට තුනී කරගෙන රත් උන තැටියක දාල දෙපැත්ත පුළුස්සගන්න.

No comments:
Post a Comment