අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් පැස්ටා පැකට් 1
- වයිට් සෝස්
- ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස්
බිත්තර මිශ්‍රණය සඳහා
- බිත්තර 5
- කපාගත් ළූණු ගෙඩි 2
- කපාගත් තක්කාලි ගෙඩි 2
- ලුණු
- මිරිස් කුඩු තේ හැඳි 1/2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
- කහකුඩු තේ හැඳි 1/2
- තෙල් ටිකක්
වයිට් සෝස් එක සඳහා
- පාන්පිටි මේස හැඳි 2
- බටර් මේස හැඳි 4
- චීස් වෙජස් 2
- ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/4
බිත්තර මිශ්‍රණය හදන්න මුලින්ම බිත්තර ටික කඩලා ගෑරප්පුවකින් ගසාගන්න.
පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට ළූණු ටික දාගන්න. ළූණු බැදී ගෙන එනකොට බිත්තර ටික දාලා කලවම් කරලා කෑලි හිටින සේ කඩාගන්න. මේකට මිරිස්, ගම්මිරිස්, කහකුඩු, ලුණු දාලා අන්තිමට තක්කාලි දාලා හොඳට කලවම් කරගන්න. තක්කලි ටික තැම්බෙනකම් තියල ලිපෙන් ඉවත් කරගන්න. බිත්තර එක ලෑස්තියි.
දැන් වයිට් සෝස් එක හදාගන්න භාජනේකට බටර් ටික දාල ලිපේ තියලා රත්වෙනකොට පාන්පිටි ටික දාලා කලවම් කරගන්න.
ෆ්‍රෙශ් මිල්ක් හා චීස් දාලා කලවම් කරලා උකු මිශ්‍රණයක් වෙනකල් හැඳි ගාලා ලිප නිවාගන්න.
බේකින් ට්‍රේ හෝ බෝල් එකක් අරගෙන බටර් ටිකක් ගාලා මුලින්ම පැස්ටා ලේයර් එකක් දාගන්න ඊලඟට බිත්තර මිශ්‍රණයෙන් ලේයර් එකක් දාගන්න. ඊලඟට මොසරැල්ලා චීස් ලේයර් එකක් දාගන්න. ඔය වගේ ලේයර්ස් කිහිපයක් දාගෙන අන්තිමට උඩින් මොසරැල්ලා දාලා වයිට් සෝස් එක දාලා 180°ට විනාඩි 20ක් බේක් කරන්න.

No comments:
Post a Comment