අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් නූඩ්ල්ස් ග්‍රෑම් 500
- පෙති කපාගත් සොසේජස් ටිකක්
- ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 2
- මීකිරි මේස හැඳි 2
- කපාගත් ළූණු ගෙඩි 2
- කපාගත් තක්කාලි ගෙඩි 2
- කපාගත් අමුමිරිස් කරල් 2
- කරදමුංගු ඇට 2
- කුරුඳු පොතු කෑලි 2
- සීනි තේ හැඳි 2
- බිරියානි මසාලා පව්ඩර් තේ හැඳි 2
- මිරිස්කුඩු තේ හැඳි 1
- කහකුඩු තේ හැඳි 1/2
- ගම්මිරිස් ඇට 4-5
- එළවළු තෙල් ටිකක්
- බැදගත්ත කජු ටිකක්
භාජනයක් ලිපේ තියලා රත්වෙනකොට තෙල් ටික දාගන්න. මේකට ඉඟුරු සුදුළූණු පේස්ට්, ගම්මිරිස්, කරදමුංගු, කුරුඳු, අමුමිරිස් හා ළූණු එකතු කරන්න.
ළූණු රන්වන්පාට වේගෙන එනකොට තක්කාලි හා සොසේජස් ටික දාගෙන තෙම්පරාදු කරගන්න.
සොසේජස් යන්තම් බැදිල තෙම්පරාදු උනාම බිරියානි මසාලා, මිරිස්කුඩු, කහකුඩු, සීනි හා ලුණු එකතු කරලා මීකිරි දාගන්න. විනාඩියක් දෙකක් පිසෙන්න ඇරල අන්තිමට නුඩ්ල්ස් එකතු කරලා හොඳට කලවම් කරගන්න. කජු ටිකක් උඩින් ඉහගන්න.

No comments:
Post a Comment