අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කෝප්ප 2
- ඊස්ට් තේ හැඳි 1 1/2
- සීනි තේ හැඳි 1
- ඔලිව් ඔයිල් මේස හැඳි 1
- ලුණු
ඊස්ට් වලට සීනි කලවම් කරලා මද රස්නෙ වතුර මේස හැඳි 2ක් දාල පිපෙන්න විනාඩි 10-15ක් තියන්න.
පාන්පිටි වලට ලුණු තේ හැඳි 1ක් දාලා කලවම් කරගන්න. මේකට තෙල් ටික දාගෙන ඊස්ට් මිශ්‍රණය දාලා අනාගන්න.
අතින් හොඳට අනාගෙන තෙත මිරිකපු රෙදි කෑල්ලකින් පැය 1/2ක් වහලා තියන්න. ඊට පස්සෙ ආයෙමත් හොඳට අනලා පොඩි බෝල හදලා තව පැය 1/2ක් පිපෙන්න තියන්න. දැන් පිටි ඉසගත් ලෑල්ලක තුනී කරලා පැතලි හැන්දකින් තද කරමින් දෙපැත්ත පුළුස්සගන්න.
මෙහෙම හදාගන්න පීටා බ්‍රෙඩ් මැදට කැමති ෆිලින්ග් එකක් දාගන්න පුළුවන්. චිකන් තෙම්පරාදුවක්, බිත්තර ස්ක්‍රැම්බල් එකක්, අල බැදුමක්, සලාදයක් වගේ ඕනම දෙයක්.
හොඳටම නැතුව පීටා බ්රෙඩ් එක බාගෙට දෙපැත්ත පුච්චල අරන් ෆ්‍රීසර් එකේ සතියක් උනත් පීටා බ්රෙඩ් එක තියාගන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට අයිස් ගතිය යන්න ඇරල පුච්චගන්න පුළුවන්.

No comments:
Post a Comment