අවශ්‍ය ද්‍රව්‍ය
- කෑලි කපා දෙහි සහ ලුණු දමා සීසන් කරගත් චිකන් 1kg
- තලාගත් ඉඟුරු තේ හැන්දයි
- තලාගත් සුදු ළූණු බික් 3
- කොත්තමල්ලි කුඩු තේ හැන්දයි
- ගරම් මසාලා තේ හැන්දයි
- කුරුඳු කුඩු තේ හැඳි 1/2
- කපාගත් ළූණු ගෙඩි 4
- කපාගත් තක්කලි ගෙඩි 5
- දෙහි බෑයක යුශ
- ගම්මිරිස් කුඩු රස අනුව
තෙල් හෝ ගී ටිකක් රත් වෙන්නට හැර ඒකට ළූණු, ඉඟුරු, සුදුළූණු එක් කර ලුණු ස්වල්පයක් දමා ළූණු මැලවෙන තුරු තෙම්පරාදු කරගන්න.
ළූණු තෙම්පරාදු වූ පසු එයට තක්කලි, ගරම් මසාලා, කුරුඳු කුඩු සහ කොත්තමල්ලි කුඩු එක් කර හොඳින් මිශ්‍ර කරගෙන එයට කපා ගත් චිකන් එක් කරගන්න. ළූණු සහ තක්කලි වල තෙතමනයෙන් චිකන් එක අඩුම ගින්දරේ තැම්බෙන්නට හරින්න.
අවසානයට රස අනුව ගම්මිරිස් සහ ලුණු එකතු කර, දෙහි යුශ දමා ලිපෙන් ඉවත් කරගන්න.
No comments:
Post a Comment