Search This Blog

Sunday, June 21, 2020

තායි ශ්‍රෙඩඩ් චිකන් කරි


අවශ්‍ය ද්‍රව්‍ය
  • ගැඹුරු තෙලේ බැද තීරු වලට ඉරාගත් චිකන් කප් 2
  • චොප් කරගත් ළූණු ගෙඩියක්
  • තලාගත් සුදුළූණු බික් 4
  • තලාගත් ඉඟුරු තේ හැඳි 1/2
  • සේර කෑල්ලක්
  • ගාගත් දෙහි ලෙලි තේ හැඳි 1
  • මිරිස් කුඩු තේ හැඳි 1
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
  • කුරුඳු අඟල් 2
  • චොප් කරගත් තක්කලි ගෙඩි 4
  • තක්කලි සෝස් කප් 1/2
  • ලුණු රස අනුව
  • පොල් කිරි කප් 1/4

තෙල් මේස හැඳි 3ක් භාජනයක රත් වෙන්න තියන්න. ඒකට චොප් කරගත් ළූණු, තලාගත් ඉඟුරු, සුදු ළූණු, කුරුඳු සහ සේර එක් කර තෙම්පරාදු කරගන්න.
ළූණු රන් වන් පාට වෙලා බැදීගෙන එන කොට ඒකට තක්කලි සහ තක්කලි සෝස් එක් කර මිශ්‍ර කරගන්න. ඒකටම මිරිස් කුඩු සහ ගම්මිරිස් කුඩු එක්ක රස අනුව ලුණු එකතු කරගන්න.
තක්කලි වලින් තෙල් වෙන්වී පෙනෙනතුරු මදගින්නේ පිස ගෙන එයට චිකන් සහ පොල් කිරි එක් කර කලවම් කරගන්න.
අවසානයට දෙහි ලෙලි එක් කර හොඳින් ඉතිරූ පසු ලිපෙන් ඉවත් කරගන්න.



No comments:

Post a Comment