අවශ්‍ය ද්‍රව්‍ය
- චිකන් 500g
- මිරිස් කුඩු මේස හැඳි 1
- චොප් කරගත් ළූණු ගෙඩි 3
- තලාගත් ඉඟුරු තේ හැඳි 1/2
- තලාගත් සුදූ ළූණු ගෙඩි 1/2
- ගම්මිරිස් කුඩු රස අනුව
- අබ තේ හැඳි 1/2
- උළුහාල් තේ හැඳි 1/4
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 2
- කහ තේ හැඳි 1/4
- තලාගත් කරදමුංගු 3, කරාබු නැට්ටක්, කුරුඳු පොඩි කෑල්ලක් සහ මහදුරු තේ හැඳි 1/2
- කරපිංචා
- ක්‍රීම් එකක් ලෙස අඹරාගත් පොල් කප් 1/2
- ලුණු
වලඳක තෙල් මේස හැඳි 2ක් රත් වෙන්න හැර ඒකට අබ, උළුහාල් එක් කර බැදගන්න. ඒකටම ළූණු සහ සුදු ළූණු එක් කරගෙන ලුණුත් එක් කර හොඳින් තෙම්පරාදු කරගන්න.
හොඳින් තෙම්පරාදු වූ පසු කහ, කොත්තමල්ලි සහ මිරිස් එක් කරගන්න. එයට චිකන් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
එයට උතුරන වතුර කප් එකක් එක් කර තලාගත් කුළුබඩු ටික එකතු කරන්න. කරපිංචා එක් කර පියනකින් වසා විනාඩි 20ක් මද ගින්නේ පිසගන්න.
අඹරාගත් පොල් එක් කර තවත් විනාඩි 15ක් පමණ පිසගන්න. ගම්මිරිස් උඩින් ඉස ලිපෙන් ඉවත් කරගන්න. පැය භාගයක් පමණ නිවෙන්නට හැර පිළිගන්වන්න.
No comments:
Post a Comment