අවශ්‍ය ද්‍රව්‍ය
- සෝදා පිරිසිදු කර කපාගත් කටු සහිත චිකන් 400g
- හීනියට කපාගත් ළූණු පොඩි ගෙඩියක්
- තලාගත් ඉඟුරු, සුදුළූණු
- රම්පෙ, කරපිංචා
- සේර කෑල්ලක්
- මහදුරු ඇට තේ හැඳි 1/2, කොත්තමල්ලි ඇට තේ හැඳි 1/2
- කරදමුංගු 2
- කරාබුනැටි 5
- පොඩි කුරුඳු කෑල්ලක්
- මිරිස් කුඩු තේ හැඳි 2
- බැදපු පහේ තේ හැඳි 1 1/2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
- ලුණු රස අනුව
- විනාකිරි මේස හැන්දක්
- සීනි තේ හැඳි 1/2
මස් වලට විනාකිරි, ගම්මිරිස්, ලුණු, මිරිස්, බැදපු පහේ ටික දාල හොඳින් අනාගෙන විනාඩි 30ක් සීසන් වෙන්න තියාගන්න. ඒ අතරතුර මහදුරු සහ කොත්තමල්ලි යන්තම් කබලේ බැදගෙන කුඩු කරගන්න.
මැටි වලඳක් රත් වෙන්න තියල ඒකට තෙල් මේස හැඳි තුනක් එකතු කරගෙන, තෙල් ටික රත් වෙන කොට පිළිවෙලින් රම්පෙ, කරපිංචා, සේර, කරදමුංගු, කරාබු නැටි, කුරුඳු එකතු කරන්, ඒ ටික සුවඳ එන්න බැදෙන කොට ළූණු එක්ක ඉඟුරු සුදු ළූණු එකතු කරගෙන ළූණු රන්වන් පාට වෙනකම් තෙම්පරාදු කරගන්න.
ඒකට සීසන් කරගත්ත චිකන් ටික එකතු කරගෙන කලවම් කරන් ලිපේ ගින්දර අඩුම කරල පියනකින් වහල මදගින්නෙ පිසෙන්න අරින්න. විටින් විට කලවම් කරගන්න.
චිකන් වල ඇති වතුර එළියට ඇවිත් චිකන් එක තැම්බෙන්න පටන් ගත්තට පස්සෙ කබලෙ බැදල එකට කුඩු කරගත්ත මහදුරුයි කොත්තමල්ලියි එකතු කරන් කලවම් කරගෙන වතුර හෝ මිටි කිරි (කැමැත්ත අනුව අරගෙන) චිකන් එකෙන් භාගයක් වැහෙන ගාණට දාල මද ගින්දරේම හිඳෙන්න තියන්න.
No comments:
Post a Comment