Search This Blog

Sunday, June 21, 2020

ඕට්ස් ඉඩ්ලි


අවශ්‍ය ද්‍රව්‍ය
  • ඕට්ස් කප් 1
  • රුලං කප් 1/2
  • මීකිරි කප් 1/4
  • රස අනුව ලුණු
  • බේකින් සෝඩා තේ හැඳි 1/2
  • තෙම්පරාදුවට
  • සිහින්ව ලියාගත් ළූණු, කරපිංචා සහ කැරට්
  • අබ ඇට පොඩ්ඩක්
  • තෙල් මේස හැන්දක්

ඕට්ස් ටික කුඩු කරගෙන අනෙක් සියල්ල හා එකට එක් කරගන්න. ඉඩ්ලි පදමට අවශ්‍ය නම් තව මීකිරි එක් කරගන්න. මෙය තෝසේ මිශ්‍රණයට වඩා ඝන විය යුතුයි.
තෙල් ටිකක් රත් වෙන්න තබා එයට තෙම්පරාදුවට තැබූ දේවල් එක් කර හොඳින් බැදගන්න. නිවෙන්නට හැර ඉඩ්ලි මිශ්‍රණයට එක් කරගන්න.
ඉඩ්ලි තැටියක ස්ටීම් කරගෙන පොල් චට්නි සමඟ පිළිගන්වන්න.

No comments:

Post a Comment