Search This Blog

Sunday, June 21, 2020

මසාල ඕට්ස් කොත්තු


අවශ්‍ය ද්‍රව්‍ය

  • උණුසුම් වතුර ටිකක් දමා පොඟවා වතුර මිරිකූ ඕට්ස් කප් 2
  • කපාගත් කැරට්, ලීක්ස්, ළූණු
  • තලාගත් ඉඟුරු, සුදු ළූණු
  • බිත්තරයක්
  • මස් හෝ මාළු කැබලි කරියත් සමඟ
  • රස අනුව ලුණු
  • රටකජු මේස හැඳි 3
  • ගරම් මසාල තේ හැඳි 1/2
  • කොත්තමල්ලි කොළ ටිකක්

තෙල් ටිකක් රත් වෙන්න තියල ඒකට රටකජු, ඉඟුරු සුදු ළූණු, කැරට් සහ ළූණු එකතු කරගෙන තෙම්පරාදු කරගන්න. ගරම් මසාල ටිකත් එක් කරගෙන සුවඳ එන ගාණට තෙම්පරාදු වූ පසු බිත්තරය එක් කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න.
මස් හෝ මාළු කැබලි සමඟ ඕට්ස් ටිකත් එක් කරගන්න. අවශ්‍ය පමණ කරිය එක් කර මදක් පිසගෙන අවසානයට ලීක්ස් සහ කොත්තමල්ලි කොළ එකතු කරගෙන කලවම් කරගන්න. විනාඩියක් පමණ ලිපේ තබා ඉවතට ගන්න.

No comments:

Post a Comment