අවශ්‍ය ද්‍රව්‍ය
- කුඩු කරගත් ඕට්ස් කප් 1/2
- බිත්තර 3
- චොප් කරගත් ළූණු, අමුමිරිස්, තක්කාලි
- ලුණු සහ ගම්මිරිස් රස අනුව
- බටර්
බිත්තර ටික බෝල් එකකට දමා බීට් කරගන්න. ඒකටම ඕට්ස් ටික එක් කර මිශ්‍ර කරගන්න.
පෑන් එකට බටර් එක් කර රත් වෙන විට චොප් කරගත් සියල්ල එක් කරගෙන ළූණු රන් වන් පැහැ වන විට ලුණු සහ ගම්මිරිස් එක් කර මිශ්‍ර කරගන්න. තෙම්පරාදු වූ ළූණු ටික පෑන් එකේ විසිරෙන පරිදි තුනී කරගෙන බිත්තර සහ ඕට්ස් මිශ්‍රණය දමාගන්න.
දෙපැත්තම පුළුස්සාගෙන ලිපෙන් ඉවත් කරගන්න.
No comments:
Post a Comment