අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 3
- ලුණු
- ගම්මිරිස් කුඩු
- කපාගත් නිවිති කොළ කිහිපයක්
- ග්‍රේට් කරගත් චීස් ටිකක්
- ග්‍රේට් කරගත් කැරට් ටිකක්
- කපාගත් ළූණු
- තලාගත් සුදුළූණු
- බටර් ස්වල්පයක්
බිත්තර ටික ලුණු හා ගම්මිරිස් කුඩු දාලා බීට් කරගන්න.
දැන් බටර් ටිකක් පෑන් එකට දාලා බීට් කරගත්ත බිත්තර වලින් තුනී ඔම්ලට් හදාගෙන හීනි තීරු කපාගන්න.
දැන් පෑන් එකට බටර් ටිකක් දාලා සුදුළූණු, ළූණු, කැරට්, නිවිති ටික ලුණු පොඩ්ඩක් ඉහලා, සැරට කැමති නම් කෑලිමිරිස් චුට්ටක් එකතු කරන් ලාවට තෙම්පරාදු කරගන්න.
චීස් ටිකත් එකතු කරගන්න. දැන් මේකට තීරු කපාගත් බිත්තර එක්ක එකතු කරලා හොඳට මිශ්‍ර කරගෙන කෑමට ගන්න.
No comments:
Post a Comment