- බිත්තර කහමද 5
- බිත්තර සුදුමද 5
- සීනි ග්‍රෑම් 150
- කිරි 75ml
- වැනිලා තේ හැඳි 1
- පාන්පිටි ග්‍රෑම් 180
- බේකින් පව්ඩර් තේ හැඳි 1 1/2
- ලුණු පින්ච් එකක්
- සීනි ග්‍රෑම් 50
ෆ්‍රෝස්ටින් එකට
- කිරි කෝප්ප 1/2
- හෙවික්‍රීම් 200g
- මිල්ක්මේඩ් 390ml පොඩි ටින් එකෙන් 1/2
- ඩබල් ක්‍රීම් 250ml
- වැනිලා තේ හැඳි 1
- අයිසින් ෂුගර් මේස හැඳි 3
බෝල් එකකට පාන්පිටි, බේකින් පව්ඩර්, ලුණු එකතු කරගන්න. මේ ටික හලාගෙන කේක් මිශ්‍රණයට දාල හොඳට කලවම් කරගන්න.
බිත්තර සුදුමද ටික ස්ටිෆ් වෙනකල් බීට් කරගන්න. මේකට ඉතුරු සීනි ටික ටික එකතු කරන ගමන් බීට් කරගන්න.
ස්ටිෆ් උනාම මේක කේක් මිශ්‍රණයට එකතු කරන්න. පත්තකින් කලවම් කරගන්න.
දැන් මේ කේක් මිශ්‍රණය බේකින් ට්‍රේ එකකට දාලා විනාඩි 30ක් සෙල්සියස් 180°ට බේක් කරගන්න.
ෆ්‍රෝස්ටින් එක සාදාගැනීම
බෝල් එකකට කිරි ටික දාලා ඒකට හෙවි ක්‍රීම්, මිල්ක්මේඩ් එකත් දාගන්න. හොඳට කලවම් කරලා බේක් කරගත් කේක් එක උඩට හැන්දකින් මේ ලික්විඩ් එක කේක් එක වැහෙන ප්‍රමාණට වක්කරගන්න.
දැන් මේක රැයක් ෆ්‍රිජ් එකේ දාගන්න. ඩබල් ක්‍රීම් වලට වැනිලා හා අයිසින් ෂුගර් එකතු කරලා හොඳට විස්ක් කරගන්න. මේ ෆ්‍රෝස්ටින් එක කේක් එකේ ගාලා කැමති විදියට සරසගන්න.
No comments:
Post a Comment