අවශ්‍ය ද්‍රව්‍ය
- එළවළු තෙල් 50ml
- කිරි 80ml
- බිත්තර කහමද 5
- බිත්තර සුදුමද 5
- පාන්පිටි ග්‍රැම් 80
- සීනි ග්‍රෑම් 80
- ලුණු පින්ච් එකක්
මුලින්ම තෙල් ටික පොඩ්ඩක් රත් කරගෙන බෝල් එකකට දාගන්න. පාන්පිටි ටික හලලා මේකට එකතු කරන්න. පත්තකින් හොඳට කලවම් කරගන්න. දැන් මේකට කිරි ටික එකතු කරලා කලවම් කරගන්න.
බිත්තර කහමද එකින් එක එකතු කරමින් කලවම් කරන්න.
බිත්තර සුදුමද ටික වෙනම බෝල් එහෙක බීට් කරගන්න. මේකට ලුණු හා සීනි ටික ටික එකතු කරමින් හිම වගේ වෙනකල් බීට් කරගන්න. බීට් කරගත් සුදුමද කේක් මිශ්‍රණයට එකතු කරලා පත්තකින් කලවම් කරන්න.
දැන් ටිකක් උස කේක් ට්‍රේ අරගෙන ඒකට ඔයිල් පේපර්ස් දාලා බටර් ටිකකුත් ගාලා කේක් බැටර් එක දාගන්න.
ඒ ට්‍රේ එකට වඩා ලොකු කේක් ට්‍රේ එකකට වතුර පුරවලා කේක් මිශ්‍රණය දාගත්ත ට්‍රේ එක ඒක ඇතුලෙන් තියලා ප්‍රී හීට් කරපු අවන් එකට දාගන්න. සෙල්සියස් 180°ට විනාඩි 50ක් වගේ බේක් කරගන්න.
No comments:
Post a Comment