අවශ්‍ය ද්‍රව්‍ය
- ක්ෂණික කෝපි තේ හැඳි 1
- වතුර තේ හැඳි
- සීනි තේ හැඳි 1
- උණු කිරි කෝප්ප 1/4
- බිත්තර කහමද 2
- බිත්තර සුදුමද 2
- වැනිලා තේ හැඳි 1/2
- පාන්පිටි කෝප්ප 1/2
- බේකින් පව්ඩර් තේ හැඳි 1/2
- බේකින් සෝඩා තේ හැඳි 1/4
- චොක්ලට් පව්ඩර් තේ හැඳි 1
- ලුණු පින්ච් එකක්
- ග්‍රයින්ඩ් කරගත් සීනි කෝප්ප 1/2
කොෆී ක්‍රීම් එක සඳහා
- ක්ෂණික කෝපි මේස හැඳි 1
- සීනි මේස හැඳි 2
- උණු වතුර මේස හැඳි 2
- කිරි කෝප්ප 1/2
- සීනි තේ හැඳි 2
- විපින් ක්‍රීම් මේස හැඳි 6
- කුඩු කරගත් සීනි මේස හැඳි 3
- වැනිලා තේ හැඳි 1/2
මුලින් කේක් එක හදමු… බෝල් එකක් අරගෙන ඒකට කෝපි, වතුර, සීනි දමා හොඳින් කලවම් කරගෙන ක්‍රීම් වෙනකල් බීට් කරන්න. ඉන්පසු කිරි ටික, බිත්තර කහමද ටික දාගන්න. වැනිලා එකතු කරගන්න. හොඳට විස්ක් කරගන්න.
පාන්පිටි වලට බේකින් පව්ඩර්, බේකින් සෝඩා, චොක්ලට් පව්ඩර් එකතු කරලා තුන් පාරක් හලාගන්න. මේක බීට් කරපු බැටර් එකට එකතු කරලා විස්ක් කරගන්න.
බිත්තර සුදුමද වලට ලුණු පින්ච් එකක් දාලා ස්ටිෆ් වෙනකල් බීට් කරගන්න. මේකට කුඩු කරගත් සීනි ටික ටික ඇඩ් කරලා බීට් කරගන්න.
කේක් බැටර් එකට බීට් කරගත් බිත්තර සුදු මද ටික ටික එකතු කරල පත්තකින් පෙරලගන්න.
ඔයිල් පේපර්ස් දාපු ට්‍රේ එකකට බැටර් එක දාලා 180°ට විනාඩි 30ක් බේක් කරගන්න.
කොෆි ක්‍රීම් එක හදන්න ක්ෂණික කෝපි වලට සීනී තේ හැඳි 2, වතුර එකතු කරලා හයි ස්පීඩ් බීට් කරන්න. ස්ටිෆ් වෙනකල් බීට් කරන්න.
දැන් මේ කොෆී ක්‍රීම් එකෙන් මේස හැඳි 2ක් විතරක් වෙනම කිරි කෝප්ප 1/2කට දාලා සීනි මේස හැඳි 2 දාලා දිය කරලා කොෆි මිල්ක් එක හදාගෙන වෙනම තියාගන්න.
විපින් ක්‍රීම් වලට කුඩු කරගත් සීනි ටික එකතු කරලා බීට් කරන්න. ටිකකින් වැනිලා දාගන්න. ස්ටිෆ් වෙනකල් බීට් කරගන්න. දැන් මේකට මුලින් හදපු කොෆී ක්‍රීම් මේස හැඳි 2ක් දාගන්න. පත්තකින් හොඳට කලවම් කරගන්න.
බේක් කරගත් කේක් එක හොඳින් නිවුනම හදාගත් කොෆි මිල්ක් එකෙන් කේක් එක පොඟවගන්න. දැන් හදාගත් විප් ක්‍රීම් එක උඩින් ලේයර් කරගන්න.
No comments:
Post a Comment