අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් කප් 3/4
- සීනි කප් 2 1/4
- කොකෝවා පවුඩර් කප් 3/4
- වැනිලා තේ හැඳි 2
- බිත්තර 3
- පිටි කප් 2
- බේකින් සෝඩා තේ හැඳි 1 1/2
- බේකින් පව්ඩර් තේ හැන්දයි
- ලුණු තේ හැඳි 3/4
- සාදාගත් ක්ෂණික කෝපි (සීනි රහිතව කප් 1 ½)
- කිරි කප් 1/4
බටර් ටික ක්‍රීම් වනතුරු බීට් කරගන්න. එයටම සීනි එක් කර වර්ණය ලා පැහැ වනතුරු බීට් කරන්න. එයට කොකෝවා පව්ඩර් සහ වැනිලා එක් කර බීට් කරගන්න. එයට බිත්තර එකින් එක එක් කර බීට් කරගන්න.
පිටි, ලුණු, බේකින් සෝඩා සහ බේකින් පව්ඩර් එකට මිශ්‍ර කරගන්න. කිරි වලට කෝපි එක් කරගන්න.
පිටි මිශ්‍රණය සහ කෝපි මිශ්‍රණය ටිකෙන් ටික බටර් මිශ්‍රණයට එක් කරමින් හොඳින් කලවම් කරගන්න.
සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් අවන් එකක තෙල් කඩදාසි දමාගත් අඟල් 9 රවුම් කේක් තැටියක විනාඩි 30-35ක් බේක් කරගන්න.
හොඳින් නිවුණු පසු ෆ්‍රොස්ටින් එක දමාගන්න.
No comments:
Post a Comment