- පිටි ග්‍රෑම් 100
- සීනි ග්‍රෑම් 100
- බිත්තර සුදුමද 6
- බිත්තර කහමද 6
- බටර් ග්‍රෑම් 100
- බේකින් පව්ඩර් තේ හැඳි 1
- වැනිලා තේ හැඳි 1
- කිරි 100ml
බිත්තර සුදුමද වලට සීනි ටික ටික එකතු කරමින් ස්ටිෆ් වෙනකල් බීට් කරන්න.
පිටි වලට බේකින් පව්ඩර් එකතු කරලා හලාගන්න.
කිරි වලට බටර් ටික දාලා රත් කරගන්න. බටර් දියවුනාම ලිප ඕෆ් කරගන්න.
පාන්පිටි වලට බටර් දාපු කිරි ටික එකතු කරලා විස්ක් කරගන්න. ඒකට බිත්තර කහමද එකින් එක එකතුකරලා කලවම් කරලා වැනිලා දාගන්න.
දැන් මේකට බීට් කරපු බිත්තර සුදුමද ටික කලවම් කරගන්න.
බේකින් ට්‍රේ එකකට ඔයිල් පේපර්ස් දාලා බැටර් එක දාලා, වතුර දාපු ට්‍රේ එකක තියලා විනාඩි 40-50 ක් සෙල්සියස් 180°ට බේක් කරගන්න.
No comments:
Post a Comment