- පාන්පිටි ග්‍රෑම් 200
- පොඩි කරගත් කෙසෙල් පල්ප් ග්‍රෑම් 250
- සීනි ග්‍රෑම් 150
- ලුණු පින්ච් එකක්
- බේකින් සෝඩා තේ හැඳි 1/2
- බිත්තර 3
- බටර් ග්‍රෑම් 70
- කිරි කෝප්ප 1/4
පාන්පිටි වලට බේකින් සෝඩා, ලුණු දාලා හලාගන්න. කෙසෙල් පල්ප් එකට බිත්තර හා සීනි එකතු කරලා බීට් කරගන්න. මේකට බටර් ටික දියකරලා දාගන්න. වැනිලා ටික දාගන්න. කලවම් කරන ගමන් පිටි ටික එකතු කරන්න. හොඳට කලවම් කරලා බටර් ගාගත් උස තැටියකට දාලා සෙල්සියස් 180°ට විනාඩි 30- 40ක් බේක් කරගන්න.
No comments:
Post a Comment