Search This Blog

Sunday, June 21, 2020

බබා ගනූෂ් (Baba Ganoush)


අවශ්‍ය ද්‍රව්‍ය

  • වම්බටු කරල් 6
  • චොප්කරගත් තක්කාලි ගෙඩි 2
  • ග්‍රීන් බෙල්පෙපර් ගෙඩි 1 /2
  • පිපිඤ්ඤා ගෙඩි 1/2
  • චොප්කරගත් මින්චි කොළ ස්වල්පයක්
  • චොප්කරගත් පාස්ලි ස්වල්පයක්
  • රස අනුව ලුණු
  • ඔලිව්තෙල් මේස හැඳි 2
  • දෙහි යුෂ මේස හැඳි 2
  • චොප්කරගත් සුදුළූණු මේස හැඳි 2
  • තයිනා සෝස් මේස හැඳි 2 (සුපිරි වෙ​ළඳසැල් වල ඇත)

වම්බටු හොඳින් සෝදා තෙත අයින් කර 180°Cට විනාඩි 10ක් පමණ බේක් කර නිවෙන්න හැර පොත්ත ගලවාගන්න.
වම්බටු ටික කෑලි කපා තක්කාලි, පිපිඤ්ඤා, බෙල්පෙපර්, මින්චි කො​ළ එක්ක බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේක භාජනයකට දාලා ලුණු, චොප්කරගත් පාස්ලි, දෙහි, තයිනා සෝස් හා චොප්කරගත් සුදුළූණු ටික දාලා කලවම් කරගන්න. දැන් මේක දීසියකට දමා මැද උස් ලෙසත් වටේ කාණුව වගේ පෙනෙන ලෙසත් හදාගෙන කාණුව වගේ කොටසට ඔලිව්තෙල් දමාගන්න. චොප්කරගත් පාස්ලි ටිකක් උඩින් ඉසගන්න.

No comments:

Post a Comment