අවශ්‍ය ද්‍රව්‍ය
- මැද නාරටිය ඉවත් කර කපාගත් අන්නාසි කප් 3
- සීනි කෝප්ප 2
- කරාබු නැටි කුඩු පිංච් එකක්
- දෙහි බෑයක යුෂ
අන්නාසි ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේ පල්ප් එක පෑන් එකකට දාලා සීනි ටික දාගෙන අඩු ගින්දරේ හැඳි ගාන්න.
සීනි ටික දිය වේගෙන එනකොට මිශ්‍රණය තරමක දියාරු ගතියක් එනව. එතකොට ගින්දර වැඩි කරගෙන මිශ්‍රණය උතුරනකම් හැඳිගාන්න.
නැවත ගින්දර අඩු කරගෙන මිශ්‍රණය උකු වේගෙන එනකොට දෙහි යුෂ සහ කරාබු නැටි කුඩු එකතු කරගන්න.
හොඳින් උකු වුන මිශ්‍රණය නිවෙන්නට හැර ජීවාණුහරණය කරගත්ත බෝතලයකට දාල ෆ්‍රිජ් එකේ තියාගන්න.

No comments:
Post a Comment