Search This Blog

Sunday, June 21, 2020

ස්ට්‍රෝබෙරි ජෑම්


අවශ්‍ය ද්‍රව්‍ය
  • ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 500
  • සීනි ග්‍රෑම් 250
  • දෙහි යුෂ තේ හැඳි 1

ස්ට්‍රෝබෙරි වල නටුව ඉවත් කර පොඩි කෑලි වලට කපාගන්න. දැන් මේ ටික පෑන් එකකට දාලා ඒකට සීනි ටික දාගන්න. අඩු ගින්දරේ හොඳට හැඳි ගාගන්න.
උතුරනකොට උඩට එන පෙ​ණ වගේ ටික හැන්දකින් අයින් කරගෙන දිගටම හැඳිගාන්න.
උතුරනකොට මේක පල්ප් එකක් වගේ එනවා. දැන් මේකෙ උකු ගතිය චෙක් කරන්න ප්ලේට් එකකට පොඩ්ඩක් දාලා බලන්න විසිරෙනවද කියල කියලා. එහෙම නැතුව ඝනට හිටිනව නම් පදම හරි. දැන් ලිපෙන් බාගන්න.
නිවෙන්න තියලා ජීවාණුහරණය කළ බෝතලේකට දාලා ෆ්‍රිජ් දාගන්න.

No comments:

Post a Comment