Search This Blog

Sunday, June 21, 2020

ස්ටාර්ෆෘට් ජෑම්


අවශ්‍ය ද්‍රව්‍ය
  • කපාගත් කාමරංගා කප් 1 1/2
  • සීනි කෝප්ප 3/4
  • දෙහි ගෙඩියක යුෂ
  • කුරුඳු කුඩු පිංච් එකක්

කාමරංගා ටික ජූස් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේකට  සීනි ටික දාලා අඩු ගින්දරේ ලිපේ තියන්න.
හොඳට හැඳිගාමින් මිශ්‍ර කරගන්න. මිශ්‍රණය උකුවේගෙන එන විට දෙහි යුෂ ටික දාගන්න. කුරුඳු කුඩු ටිකත් ඉසගන්න.
මිශ්‍රණය උකු උනාම ලිපෙන් ඉවත් කරගෙන නිවෙන්න තියල ජීවාණුහරණය කරගත්ත බෝතලයකට අසුරගෙන ෆ්‍රිජ් එකේ දාගන්න.

No comments:

Post a Comment