Search This Blog

Sunday, June 21, 2020

ග්‍රීන් ඇපල් ජෑම්


අවශ්‍ය ද්‍රව්‍ය
  • කොළ ඇපල් ග්‍රෑම් 500
  • වතුර කෝප්ප 1/2
  • සීනි ග්‍රෑම් 500
  • කුරුඳු කුඩු පිංච් එකක්
  • දෙහි යුෂ තේ හැඳි 2

ඇපල් වල පොතු සහ ඇට ඉවත් කර කොටුවට කපලා දෙහි යුෂ තේ හැන්දක් මිශ්‍ර කරල භාජනයකට දාගන්න.
මේකට වතුර ටිකත් දාලා  සාමාන්‍ය ගින්දරේ ලිපේ තියාගන්න.
දැන් මේක විනාඩි 2ක් වගේ ලිපේ තියල විනාඩි 2කින් පියන ඇරල හැන්දකින් හොඳින් ඇපල් ටික පොඩි කරගන්න.
දැන් මෙයට සීනි ටික එකතු කරගෙන අඩු ගින්දරේ හැඳි ගාන්න. හොඳින් උකු වේගෙන එන විට ලිපෙන් ඉවත් කරගෙන නිවුනම ජීවාණුහරණය කරගත්ත බෝතලයකට අසුරගෙන ෆ්‍රිජ් එකේ තියාගන්න.

No comments:

Post a Comment