අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් හොඳින් ඉදුණ අඹ කප් 2
- සීනි කෝප්ප 1 1/2
- දෙහි බෑයක යුෂ
- වතුර කෝප්ප 1/4
අඹ වලට වතුර කෝප්ප 1/4 දාගෙන බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේක පෑන් එකකට සීනිත් එකතු කරන් අඩු ගින්දරේ ලිපේ තියන්න. මිශ්‍රණය උකු වනතුරු දිගටම හැඳිගාන්න. මිශ්‍රණය උකු වේගෙන එන විට දෙහි යුෂ එකතු කරගන්න.
හොඳින් උකු වුන මිශ්‍රණය නිවෙන්නට හැර ජීවාණුහරණය කරගත්ත බෝතලයකට දාල ෆ්‍රිජ් එකට දාගන්න.

No comments:
Post a Comment