Search This Blog

Sunday, June 21, 2020

දිවුල් ජෑම්


අවශ්‍ය ද්‍රව්‍ය

  • දිවුල් මද කෝප්ප 1
  • සීනි කෝප්ප 1
  • උණුවතුර කෝප්ප 1
  • දෙහි යුෂ තේ හැඳි 1/2

දිවුල් මදයට උණු වතුර කෝප්පය දාලා හැන්දකින් හොඳින් පොඩි කරගෙන ඇට ටික යකඩ දැල් සහිත පෙනේ​රයකින් පෙරාගෙන ඇට ඉවත් කරගන්න.
දැන් මේ පල්ප් එකට සීනි ටික දාලා ලිප තියන්න. දිගටම හැඳි ගාන්න. මිශ්‍රණය උකු ගතියකට ආවම දෙහි මිශ්‍ර කරල ලිප ඕෆ් කරගන්න. දැන් මේක නිවෙන්න තියලා ජීවාණුහරණය කරගත්ත බෝතලේකට දාලා ෆ්‍රිජ් දාගන්න.

No comments:

Post a Comment