අවශ්‍ය ද්‍රව්‍ය
- බාස්මතී හෝ කීරි සම්බා 600g
- කටු රහිත චිකන් 500g
- කපාගත් ළූණු ගෙඩි 2
- තලාගත් ඉඟුරු සුදු ළූණු මේස හැඳි 1
- සූදුරු මේස හැඳි 2
- කහ තේ හැඳි 1/2
- කරදමුංගු 6
- කුරුඳු අඟල් 3ක කෑල්ලක්
- මිංචි කොළ කප් එකක්
- ගරම් මසාලා තේ හැඳි 2
- කපාගත් තක්කලි ගෙඩි 3
- රස අනුව ලුණු, ගම්මිරිස්
- වියලි මිදි
- අවශ්‍ය නම් බැදගත් කජු
සහල් හොඳින් සෝදා වතුර බේරා පසෙකින් තබාගන්න. තෙල් හෝ ගී ටිකක් රත් වෙන්න තියාගෙන ඒකට ළූණු, ඉඟුරු සුදුළූණු සහ සූදුරු එක් කර තෙම්පරාදු කරගන්න.
මේකටම සෝදා කපාගත් චිකන් ටික එකතු කරගෙන චිකන් ටික බැදෙනකම් පෙරලමින් තෙම්පරාදු කරගන්න. මේ බඳුනටම කහ, කරදමුංගු, කුරුඳු පොතු, මිංචි සහ ගරම් මසාලා එක් කර මිශ්‍ර කරගෙන උතුරන වතුර මිලිලීටර් 450ක් එකතු කරගන්න. ගින්දර අඩු කර විනාඩි 25ක් පමණ පිසගන්න.
විනාඩි 25කට 30කට පසු පියන හැර එයට තක්කලි, ලුණු ගම්මිරිස් සහ සෝදා දිය බේරාගත් හාල් එක් කරගන්න. හොඳින් මිශ්‍ර කරගෙන භාජනය දෙපැත්තට සොලවා මිශ්‍රණය සමබර කරගන්න. බත ඉදෙන්නට අවශ්‍ය පමණට වතුර එක් කර පියනකින් වසා පිසගන්න. පිසුණු බතට කජු සහ වියලි මිදි එක් කර, මිශ්‍ර කර වසා තබන්න.

No comments:
Post a Comment