කේක් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- 500g රවුම් බටර් කේක් 1
- ඇඟිලි විස්කෝතු 25
- කොකෝවා කුඩු 150g
- බිත්තර 4ක සුදුමද
- එළකිරි බොතල් 3/4
- කේක් එකට වඩා ටිකක් ලොකු පුඩින් බඳුනක් ගෙන කේක් එක එය තුළට දමන්න.
- පසුව ඇඟිලි විස්කෝතු කේක් එක වටේ රවුමට භාජනය ඇතුළත සිටුවා තියන්න.
- විස්කෝතු කේක් එකට වඩා ප්‍රමාණයෙන් උස නම් කේක් එකේ ප්‍රමාණයට කුඩා කර ගන්න.
- කිරි ටික ගෙන සෙමින් සෙමින් කේක් එක පෙඟෙන සේ කේක් එක උඩින් වත් කරන්න. කොකෝ කුඩු වතුර ස්වල්පයකින් උණුකර පසෙක තබන්න.
- උණුකරගත් කොකෝවා කුඩු ටික කිරි වලට උඩින් කේක් එක මතුපිටට දමන්න.
- බිත්තර සුදු මද හොඳින් ස්ටිෆ් වෙනකල් බීට් කර කේක් එක මත දමා විනාඩි 15ක් සෙල්සියස් අංශක 180 ට බේක් කරගන්න.
No comments:
Post a Comment