සීනි දැමූ දෙල්
අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳින් පැසුණු දෙල් ගෙඩි 1
- සීනි 250g
- වතුර අඬු කොප්ප 1/4
- බැදීමට තෙල් අවශ්‍ය පමණ
- දෙල් ගෙඩිය පොතු හැර සෝදා ගිනිකූරු හැඩයට කපා ගන්න. එය කහ, ලුණු මිශ්‍ර වතුරේ සෝදා අව්වේ වේලා ගන්න.
- තාච්චියක් ලිපේ තබා එයට තෙල් දමා රත් වු පසු දෙල් දමා රන්වන් පාට වනතුරු ගැඹුරු තෙලේ බැද ගන්න. ඉන්පසුව එය තෙල් බේරෙන්නට තබන්න.
- දැන් සීනි සහ වතුර බඳුනකට දමා උණුකරගන්න. එය පත්පැණි පදමට උණු වූ පසු පැණි බුබුළු දමා එන විට බැදගත් දෙල් දමා කූරකින් කලවම් කරන්න.
- ලිපෙන් බා දෙල් ඒ අත මේ අත පෙරලන විට එහි සීනි මිදී සුදු පාට වේ.
- සුළං නොවදින ලෙස අසුරා කල්තබා ආහාරයට ගතහැකියි.
No comments:
Post a Comment