Search This Blog

Sunday, June 28, 2020

දෙල් අටුකොස් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය 


  1. දෙල් අටුකොස් 250g (දෙල් තම්බා අව්වේ වේලාගන්න)
  2. ලියාගත් ළූණු ගෙඩියක්
  3. තුනපහ කුඩු මේස හැඳි 1/2
  4. මිරිස්කුඩු තේ හැඳි 1
  5. කහ කුඩු තේ හැඳි 1/4
  6. වියළි මිරිස් කරල් 3 (දෙකට තුනට කඩා ගත්)
  7. තලාගත් සුදුළූණු බික් 2  
  8. අමු මිරිස් කරල් 2 
  9. රම්පේ 
  10. කරපිංචා ස්වල්පයක් 
  11. කුරුඳු පොතු කැබැල්ලක් 
  12. අබ ඇට ස්වල්පයක් 
  13. දියකිරි අඬුකෝප්ප 2 
  14. මිටිකිරි අඬු කෝප්ප 1/2
  15. උම්බලකඩ මේස හැඳි 1 
  16. ලුණු අවශ්‍ය පමණ 
  17. තෙල් මේස හැඳි 2


  • බඳුනක් ගෙන එයට දියකිරි සහ මිටිකිරි දමා, තුනපහ කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, ලුණු, රම්පේ, කරපිංචා, කුරුඳු, සුදුළූණු, උම්බලකඩ දමා හොඳින් කළවම් කර එයට දෙල් අටුකොස් ටික ද දමා ලිප තබන්න. 
  • දෙල් අටුකොස් තැම්බෙන තුරු පිසගන්න. 
  • දැන් වෙනම බඳුනක් ගෙන ලිප තබා එයට තෙල් දමා රත්වන්නට හැර ලියාගත් ළූණු, අමු මිරිස් සහ වියළි මිරිස් කැබලි දමා බැදගන්න. 
  • ඉන්පසු බැදගත්  මිශ්‍රණය ගෙන කිරි දමා පිසගත් දෙල් අටුකොස් ව්‍ය​ංජනයට එකතු කර, උතුරන තෙක් හැඳි ගා මද ගින්නේ හිඳෙනතුරු පිසගන්න.

No comments:

Post a Comment