දෙල් මුංඇට කරිය
අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින්ව කපා ගත් දෙල් 250g
- පොඟවාගත් මුං ඇට 150g
- කුඩාවට කපා ගත් ළූණු 50g
- අමු මිරිස් කරල් 2
- තුනපහ කුඩු මේස හැඳි 1/2
- කහ කුඩු තේ හැඳි 1 /2
- මිරිස් කුඩු තේ හැඳි 1/2
- උම්බලකඩ මේස හැඳි 1
- රම්පේ
- කරපිංචා ස්වල්පයක්
- කුරුඳු පොතු කැබැල්ලක්
- දියකිරි අඬු කෝප්ප 3
- මිටිකිරි අඬු කෝප්ප 1/2
- තෙල් මේස හැඳි 2
- වේළිච්ච මිරිස් කරල් 2 (දෙක තුනට කපා ගත්)
- ලුණු
- දෙහි යුෂ තේ හැඳි 1
- පළමුව කපා ගත් දෙල් ටික කහ සහ ලුණු මිශ්‍ර වතුර දමා සෝදන්න. බඳුනක් ගෙන එයට පොඟවා ගත් මුංඇට, කපා ගත් දෙල්, ලියාගත් අමු මිරිස්, තුනපහ, මිරිස් කුඩු, කහ කුඩු, උම්බලකඩ, රම්පේ, කරපිංචා, කුරුඳු, දමා දියකිරි දමා ලිප තබා අඩු ගින්දරේ තබන්න.
- මුංඇට තැම්බී වතුර හිඳෙන විට මිටිකිරි දමා හොඳින් කළවම් කර පිසගන්න. රස අනුව ලුණු දමාගන්න.
- බඳුනක් ගෙන ලිප තබා එයට තෙල් දමා රත් වූ විට කපා ගත් ළූණු, වියළි මිරිස් කැබලි, කරපිංචා දමා තෙම්පරාදු කර එයට සාදාගත් කරිය දමා තෙම්පරාදු කරගන්න.
- අවසානයේ දෙහි ඇඹුල් එක් කරගන්න.
No comments:
Post a Comment