Search This Blog

Sunday, June 28, 2020

දෙල් මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. බාගෙට පැසුණු දෙල් ගෙඩි 1
  2. ගා ගත් පොල් 100 g
  3. සුදුළූණු බික් 2
  4. අමු මිරිස් කරල් 2
  5. රතුළූණු ගෙඩි 3-4
  6. ගම්මිරිස් කුඩු ස්වල්පයක් 
  7. කුරුඳු කැබැල්ලක් 
  8. කහ තේ හැඳි 1
  9. සිහින්ව කපා ගත් කරපිංචා කිනිති 1
  10. ලුණු අවශ්‍ය ප්‍රමාණයට 

  • ප​ළමුව දෙල් ගෙඩිය සුද්ද කර සිහින්ව ලියා ගන්න. ඉන්පසුව කහ සහ ලුණු මිශ්‍ර වතුරේ සෝදා ගන්න. සෝදාගත් දෙල් භාජනයක දමා ලුණු ස්වල්පයක් සහ වතුර එක්කර මද ගින්නේ තැම්බෙන්නට තබන්න. 
  • දැන් මිරිස් ගලක් හෝ වංගෙඩියක සුදුළූණු, අමු මිරිස්, ලියාගත් කරපිංචා, කුරුඳු සහ ළූණු දමා කොටන්න. එයට ගා ගත් පොල් ටික ද එකතු කර කොටා ගන්න. 
  • එයට ගම්මිරිස් කුඩු එක්කර අතින් හොඳින් අනාගන්න. 
  • ලිප තබා ගත් දෙල් තැම්බී වතුර සිදීගෙන එනවිට සාදා ගත් පොල් මැල්ලුම දමා කූරු ගා ගන්න. 
  • ටික වේලාවක් ලිපේ තබා ඉවතට ගෙන දෙහි යු​ෂ එක්කර කළවම් කරගන්න.

No comments:

Post a Comment