දෙල් ආනම
අවශ්‍ය ද්‍රව්‍ය
- දෙල් ගෙඩි 1
- තලාගත් සුදුළූණු මේස හැඳි 1
- කරපිංචා කිනිත්තක්
- කුරුඳු පොතු කැබැල්ලක්
- කරදමුංගු සහ කරාබු නැටි 2 බැගින්
- කහ කුඩු සහ මිරිස් කුඩු තේ හැඳි 1/2 බැගින්
- අබ ඇට තේ හැඳි 1
- තුනපහ තේ හැඳි 1
- උළුහාල් ඇට 10 ක් පමණ
- දියකිරි අඬු කෝප්ප 2
- මිටිකිරි අඬු කෝප්ප 1/2
- තෙල් තේ හැඳි 2
- පළමුව දෙල් ගෙඩිය පොතුහැර කුඩාවට කපා කහ සහ ලුණු මිශ්‍ර වතුරේ සෝදාගන්න. දැන් දෙල්වලට මිටිකිරි දමා හොඳින් බ්ලෙන්ඩර් කර පසෙකින් තබන්න.
- මැටි වලඳක් ගෙන එයට දියකිරි දමා කරපිංචා, කුරුඳු, සුදුළූණු, කරදමුංගු, කරාබුනැටි, තුනපහ කුඩු, මිරිස් කුඩු දමා මිශ්‍ර කර පසෙකින් තබන්න.
- දැන් වෙනත් භාජනයක් ගෙන ලිප තබා, එයට තෙල් දමා රත්වන විට අබ දමා පුපුරුවා උළුහාල් දමා ගන්න. මෙයට පළමුව සාදාගත් දියකිරි මිශ්‍රණය දමා උතුරවන්න.
- ඉන්පසු බ්ලෙන්ඩර් කර ගත් දෙල් මිශ්‍රණය එකතු කර මද ගින්නේ පිස ගන්න.
- මෙය උකුවට තලපයක් ලෙස සෑදුණු පසු ලිපෙන් බාගන්න.
No comments:
Post a Comment