අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් දෙල් 250g
- කුඩාවට කපා ගත් රතුළූණු ගෙඩි 6-7
- අබ ඇට තේ හැඳි 1
- බැදගත් උළුහාල් තේ හැඳි 1/4
- උම්බලකඩ කුඩු මේස හැඳි 1
- කපාගත් අමු මිරිස් කරල් 2
- රම්පේ කැබල්ලක්
- කරපිංචා ඉත්තක්
- කුරුඳු පොතු කැබැල්ලක්
- කපාගත් සුදුළූණු බික් 2
- තෙල් මේස හැඳි 2
- කහ කුඩු සහ තුනපහ කුඩු තේ හැඳි 1 බැඟින්
- මිරිස් කුඩු තේ හැඳි 1/4
- දියකිරි අඬු කෝප්ප 2
- මිටිකිරි අඬු කෝප්ප 1/2
- අවශ්‍ය පමණට ලුණු
- වියළි මිරිස් කරල් දෙක තුනක්
- පළමුව මැටි වලඳක් ලිප තබා තෙල් රත්වන විට ඒකට අබ දමා පුපුරන විට රම්පේ, කරපිංචා, කුරුඳු පොතු, සුදුළූණු, අමු මිරිස් එකතු කර ළූණු වලින් කොටසක් එක් කර බැදෙන්නට හරින්න.
- ඒක බැදීගෙන එනවිට උළුහාල්, තුනපහ, මිරිස්කුඩු, කහකුඩු, උම්බලකඩ දමන්න. මෙම මිශ්‍රණය බැදෙන අතරතුර දියකිරි සමඟ කපා ගත් දෙල් කැබලි දමා අඩු ගින්දරේ තැම්බෙන්නට තබන්න.
- දෙල් හොඳින් තැම්බුන පසු මිටිකිරි එකතු කර රස අනුව ලුණු ද මිශ්‍ර කර ගන්න.
- වෙනම භාජනයක තෙම්පරාදුව සඳහා තෙල් ටිකක් දමා ලිප තබා, ඉතිරි කළ ළූණු, වියළි මිරිස් දමා බැදෙන්නට හැර පිසගත් දෙල් ව්‍යංජනය මතට දමන්න.

No comments:
Post a Comment