Search This Blog

Sunday, June 21, 2020

බනානා බන්ස්


අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉදුණු කෙසෙල් ගෙඩි 2
  • සීනි මේස හැඳි 2
  • යෝගට් කෝප්ප 1/4
  • බේකින් සෝඩා පින්ච් එකක්
  • ලුණු රස අනුව
  • පාන්පිටි කෝප්ප 2
  • තෙල්

කෙසෙල් හා සීනි එක්කර පොඩි කරගන්න. දැන් මේකට යෝගට් ටික එකතු කරන්න.
බේකින් සෝඩා, ලුණු ටික දාගන්න. දැන් මේ ටික කලවම් කරලා පාන්පිටි එකතු කරගන්න.
හොඳට අනාගෙ​න සොෆ්ට් ඩෝ එකක් හදාගන්න. ඩෝ එක වටේට තෙල් ටිකක් ග්‍රීස් කරගන්න.
දැන් මේ ඩෝ එක ලන්ච් ශීට් එකකින් වහලා පැය 6ක් තියන්න.
පැය 6කින් ඩෝ එක පිපිලා තියනවා පෙනෙයි. ආයෙම ටිකක් අනාගෙ​න පොඩි පොඩි බෝල හදාගන්න.
පාන්පිටි ඉසගත් ලෑල්ලක මේ පොඩි බෝල තුනී කරගන්න.
දැන් මේක ගැඹුරු තෙලේ බැදගන්න. රන්වන් පාටට ආවම ලිපෙන් බාගන්න.


No comments:

Post a Comment