අවශ්‍ය ද්‍රව්‍ය
- ඕට්ස් කප් 1
- පාන්පිටි 1/2
- බේකින් සෝඩා තේ හැඳි 1/2
- බිත්තර 1
- බටර් මේස හැඳි 1
- සීනි කප් 1/2
- වැනිලා ටිකක්
- කුරුඳු කුඩු ස්වල්පයක්
- වියලි මිදි කප් 1/4
පිටි, බේකින් සෝඩා, ලුණු සහ කුරුඳු කුඩු එකට මිශ්‍ර කර පැත්තකින් තියාගන්න. වෙනම බඳුනක බිත්තර, බටර්, සීනි සහ වැනිලා හොඳින් බීට් කරගන්න.
පිටි මිශ්‍රණයට බිත්තර මිශ්‍රණය එක් කර එයට ඕට්ස් සහ වියලි මිදි දමා හොඳින් මිශ්‍ර කර විනාඩි 15ක් ශීතකරණයේ තබාගන්න.
බේකින් ට්‍රේ එකකට ඔයිල් පේපර් එකක් දමා, එයට බටර් ආලේප කර, සාදාගත් ඩෝ එකෙන් කුකීස් සාදා තරමක් ඈතින් ඈතින් ට්‍රේ එක මත තබාගන්න. සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් උඳුනක විනාඩි 15-18ක් බේක් කරගන්න.
No comments:
Post a Comment